නැදුන්ගමුවේ විජය රාජා: නැවෙන් ලංකාවට පැමිණි ගමනේ සිට ජාතික වස්තුවක් ලෙස නම් කිරීම දක්වා අප්‍රකට තොරතුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහැර කරඬුව වැඩම කරවීමේ භාග්‍යය අවස්ථා 13කදී නැදුන්ගමුවේ විජය රාජාට හිමි විය.
නැදුන්ගමුවේ විජය රාජා: නැවෙන් ලංකාවට පැමිණි ගමනේ සිට ජාතික වස්තුවක් ලෙස නම් කිරීම දක්වා අප්‍රකට තොරතුරු

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වසර 13ක් වැඩම කර වූ නැදුන්ගමුවේ විජය රාජා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ත්‍යාගයකි.

රෝගී තත්ත්වයකින් පෙළුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් ප්‍රදේශයේ මහරාජාවරයෙකුගේ දියණියක සුව කර දීම නිසා, නීලම්මහර වෙද පරපුරේ දෙහිවල ධම්මාලෝක හිමියන්ට ඇත් පැටවුන් දෙදෙනෙකු තෑගි ලෙස ලැබුණු අතර නැදුන්ගමුවේ රාජා ඉන් එක් අයෙකි.

ශ්‍රී ලංකා රජය ජාතික උරුමයක් ලෙස නම් කරන ලද නැදුන්ගමුවේ විජය රාජාගේ කතාව පූජනීයත්වය, දේශීය දැනුම, සංස්කෘතිය සහ මානුෂීය ගුණාංග සංකේතවත් කරන දේශසීමා ඉක්මවා යන එකකි.