ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වෙයි
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වී තිබේ.
මනාප ඡන්ද ගණනය කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179කි.
ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස ඡන්ද 4,530,902ක් ලබාගෙන තිබේ.
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පළමු ස්ථානය හිමි කරගෙන තිබිණි.
සජිත් ප්‍රේමදාස දෙවන ස්ථාන හිමි කරගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාට ම 50% ප්‍රතිශතය ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව, අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ලබා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය 42.31%කි.
සජිත් ප්‍රේමදාස ඡන්ද 4,363,035 ලබාගෙන 32.76%ක ප්‍රතිශතයක් හිමි කරගෙන තිබිණි.
ඒ අනුව, අනුර කුමාර දිසානායක මූලික වටයේ ඡන්ද ගණනය කිරීම අනුව, සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද 1,271,880ක් ලබා සිටියේ ය.
කෙසේ වෙතත්, දෙදෙනාට ම 50% ඉක්මවා ඡන්දය ලබා ගැනීමට නොහැකි වී ඇති හෙයින් දෙවන සහ තෙවන මනාප ගණන් කෙරිණි.
තෙවන ස්ථානයේ පසු වූ රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ලබා ගත් අතර එහි ප්‍රතිශතය 17.27%කි.