ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියේ ගින්නක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරානයේ දකුණු දිග පාස් ගෑස් නිධිය ගිනි ගන්නා අයුරු
ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියේ ගින්නක්

ලොව විශාලතම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයේ කොටසක් වන ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියට මාර්තු 18 වන බදාදා ප්‍රහාරයකට ලක් විය.

මේ සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට සහ ඇමරිකා එක්සත් ජනපදයට චෝදනා කරයි.

ඊශ්‍රායලය මේ පිළිබඳව අදහස් දක්වා නැත, නමුත් ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදය මෙම ප්‍රහාර පිළිබඳව "කිසිවක් දැන සිටියේ නැත" යනුවෙනි.

පළිගැනීමක් ලෙස, ඉරානය කටාර්හි රාස් ලෆාන් වෙත පහර දී ඇති අතර එමඟින් යුරෝපය සහ එක්සත් රාජධානිය පුරා ගෑස් මිල තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.