ඉරාන යුද්ධය පිළිබඳ ඇමරිකානුවන් අතර බෙදුණු අදහස්
ඉරාන යුද්ධය පිළිබඳ ඇමරිකානුවන් අතර බෙදුණු අදහස්
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රථම වරට ඉරානයට ප්‍රහාරයක් දියත් කළේ පෙබරවාරි 28 වන දිනයි. එතැන් සිට ගැටුම මැද පෙරදිග පුරා ව්‍යාප්ත වී ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 11 ධවල මන්දිරයෙන් පිටත වාර්තාකරුවන් සමඟ කතා කරමින්, එක්සත් ජනපදය ඉරානයට "ඉතිහාසයේ බොහෝ රටවල් අත්විඳ නොතිබූ තරම් දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත" යැයි පැවසීය. නමුත් ඔහු "අපි තවමත් අවසන් කරලා නැහැ" යනුවෙන්ද එකතු කළේය.
BBC එක්සත් ජනපදය පුරා සිටින ඇමරිකානුවන්ගෙන් මෙම යුද්ධය පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ හොඳම ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න ගැන විමසීය.



