ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බොබ් ඩිලන් පමා වී නොබෙල් ත්‍යාගය පිළිගනියි
පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය ගායක බොබ් ඩිලන් මේ සතිය අගදී සිය සම්මානය පිළිගැනීමට නියමිත බව නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කළේය.
අමෙරිකානු ගායකයාට පසුගිය ඔක්තෝබර් මාසයේ එම සම්මානය පිරිනැමුණු නමුත් එය භාරගැනීම පිණිස මෙතෙක් ඔහු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරට පැමිණියේ නැත.
නොබෙල් සම්මානය සමග පිරිනැමෙන ඩොලර් නම ලක්ෂයක ත්‍යාග මුදල ලබාගැනීම පිණිස ඔහු විශේෂ දේශනයක් ද පැවැත්විය යුතුය.
75 හැවිරිදි බොබ් ඩිලන් ස්ටොක්හෝම් නුවරදී සංගීත ප්‍රසංග දෙකකට සහභාගිවීමට නියමිත අතර, ඒ අතරවාරයේ ඔහු පුද්ගලිකව මුණගැසෙන බව නොබෙල් ඇකඩමිය පවසයි.
සිය බ්ලොග් අඩවියක සටහනක් තබන ස්වීඩන ඇකඩමියේ සභාපතිනි මහාචාර්ය සාරා ඩේරියස්: "බොබ් ඩිලන් සහ ස්වීඩන ඇකඩමිය මේ සති අන්තයේ මුණගැසීමට තීරණය කර තිබෙන බව සතුටින් දැනුම් දෙන්නෙමු," යනුවෙන් පවසයි.
මාධ්‍යවේදීන් හෝ වෙනත් අමුත්තන්ගෙන් තොරව පැවැත්වෙන පෞද්ගලික උත්සවයකදී ඔහුට නොබෙල් සහතිකය සහ පදක්කම පිරිනැමීමට නියමිත් බවත් ඇය පවසන්නීය.
ත්‍යාගය පිළිගනිමින් ප්‍රසිද්ධ දේශනයක් පවත්වනු වෙනුවට ඔහු පටිගත කරන ලද දේශනයක් ත්‍යාග කමිටුව වෙත් එහිදී භාරදෙනු ඇතැයි අපේක්ෂිතයි.
නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ගීත රචකයා ඔහුවන අතර, 1993 දී නොබෙල් සම්මානය හිමි වූ ලේඛක ටෝනි මොරිසන් ගෙන් අනතුරුව එය හිමිවන පළමු ඇමෙරිකානුවා ද ඔහුයි.