ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද ගිනිදැල් මැද යේමනයේ සාගතයක්
සාගතයක මුවවිටේ සිටින බවට වාර්තාවන යේමනයට වහා සහනාධාර ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කිරීමට නියමිතව ඇත.
සෞදි අරාබිය ප්‍රමුඛ රටවල සහය ලබන යේමන රජයේ හමුදා සහ ෂියා හුති කැරලිකරුවන් අතර වසර දෙකක් තිස්සේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් යේමන ජනතාවගෙන් 80%ක ප්‍රමාණයකට හදිසි මානවීය ආධාර අවශ්‍යවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ.
එහෙත් ගැටුම් නිමවන බවක් නොපෙනෙන අතර සහනාධාර සපයන ආයතන පවසන්නේ ගුවන්තොටුපළ සහ වරායන් අවහිර වී ඇති බැවින් ආධාර බෙදාහැරීම දුෂ්කර වී ඇති බවය.
සහනාධාර ලබාදෙන ආයතනයක් වන 'ඔක්ස්ෆාම්' පවසන ආකාරයට යේමනය සාගතයෙන් මුදා ගැනීමේ එකම ක්‍රමය වන්නේ වහාම සටන් විරාමයක් කැඳවීමයි.