ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක ජල දිනය: 'මං මගේ අසල්වැසියා වෙනුවෙන් අතින් රෙදි සෝදන යන්ත්‍රයක් හැදුවා'
ඉංජිනේරු නාව් සෝහ්නි විසින් "දිව්‍යා" නම් අතින් ක්‍රියාත්මක වන රෙදි සෝදන යන්ත්‍රය නිර්මාණය කළේ, ඔහු ලන්ඩනයේ සිට ඉන්දියාවට ගිය විට හමුවූ අසල්වැසියෙකුගේ නමිනි.
මළ නොබැඳෙන වානේ සහ ප්ලාස්ටික්වලින් සාදන ලද, ක්‍රියාත්මක කිරීමට විදුලිය අවශ්‍ය නොවන මෙම අඩු වියදම් උපාංගය, ඇඳුම් අතින් සේදීමට සිදුව ඇති ලෝක ජනගහණයෙන් 70%කට ඔවුන්ගේ කාලය, ජලය සහ ශ්‍රමය ඉතිරි කරවනබව නාව් පවසයි.
ඉරාකය, ලෙබනනය ඇතුළු රටවල සරණාගත කඳවුරුවලට සහ උගන්ඩාවේ ළමා නිවාසවලට මේ වන විටත් මෙම යන්ත්‍ර සිය ගණනක් බෙදාහැර ඇත.
"ජලය සහ සනීපාරක්ෂාව පිළිබඳ අර්බුදය විසඳීම සඳහා වෙනස්වීම වේගවත් කිරීම" ඉලක්කකරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලපිරීමක් වන මෙවර ලෝක ජල දිනයේ (මාර්තු 22) දී අපි එය ක්‍රියාත්මක වන ආකාරය දෙස බලමු.