ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්රේන යුද්ධය: බෝම්බ වැටුණු ගොඩනැගිලි පසුකර යන 'අන්ඩිනයබල් ස්ට්‍රීට් විව්' වර්චුවල් ගමන
ගූගල් ස්ට්‍රීට් විව් (Google Street View) ප්‍රතිනිර්මාණය කරන වෙබ් අඩවියක්, බෝම්බ හෙලන ලද යුක්රේන මාර්ග ඔස්සේ දිවෙන අන්තර්ක්‍රියාකාරී, අංශක 360ක දර්ශන සහිත චාරිකාවක් සපයයි.
විනාශ වූ පාසැල්, ක්‍රීඩා පිටි සහ නිවාස පසුකර සංචාරයේ යෙදීමට 'අන්ඩිනයබල් ස්ට්‍රීට් විව්' (ප්‍රතික්ෂේප නොකළ හැකි වීථි දසුන්) ඔබට ඉඩ සලසයි.
ගූගල් ආයතනයේ හිටපු ඡායාරූප ශිල්පියෙකු විසින් රූගත කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල්වලින් කොටසක් සැපයෙන්නේ, යුක්රේන රජයේ ප්‍රතිසංවර්ධන සහ ආරක්ෂක අරමුදලෙනි.