ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් හිමි කතුන් වෙනුවෙන් නිපැයෙන, තරමින් විශාල ඇඳුම්
විලාසිතා නිර්මාණ ශිල්පිනී යස්මීන් අග්බන්ටවු විසින් තමා ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් සහිත කාන්තාවක් ලෙස හඳුන්වා ගනු ලබයි. ශරීර ප්‍රමාණයෙන් කුඩා කාන්තාවන් සිහි තබාගෙන පමණක් මිලෙන් අධික ඇඳුම් නිපැයීම වෙනස් විය යුතු බව ඇය පවසන්නීය.
මිලෙන් අධික, නවීන විලාසිතාවේ ඇඳුම් නිපැයීමේ තාක්ෂණය පිළිබඳ ඉගැනීමෙන් පසු මේ බටහිර අප්‍රිකානු විලාසිතා නිර්මාණ ශිල්පිනිය 'Mimine AG' නමැති විලාසිතා සන්නාමය ආරම්භ කළාය. ඇයගේ 'Rebellion' නැමති අලුත්ම එකතුවේ අරමුණ ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් සහිත (Curvy) කතුන්ට "ආත්ම විශ්වාසයක් ඇතිවෙන ලස්සනට පෙනෙන, ගුණාත්මක සහ ඇහැට කණට පෙනෙන" ඇඳුම් ලබා දීම බව ඇය කියා සිටියාය.
මේ ගැනත් කියවන්න: