ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විල්පත්තුව: පරිසර වාර්තාවක් තිබෙනවා - ඇමති, එවැනි වාර්තාවක් නැහැ - වනජීවී දෙපාර්තමේන්තුව
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය යොදා ගනිමින් කෙරෙන කෝමාරිකා පැළ තවාන් ව්‍යාපෘතිය සඳහා මේ දක්වා පරිසර ඇගයීම් වාර්තාවක් ලබාගෙන නොමැති බව අදාළ ආයෝජකයා මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පිළිගනිති.
එහෙත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන කැබිනට් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අද දිනත් (මාර්තු 03) බීබීසී සිංහල සේවයට සඳහන් කළේ ආයෝජකයා විසින් අදාළ පරිසර ඇගයීම් වාර්තාව ලබා ගෙන ඇති බවය.
අනුරාධපුරය, රාජාංගනය, යාය 18 ප්‍රදේශයේ අක්කර 1,500ක කෝමාරිකා පැළ තවාන් ව්‍යාපෘතියට මේ වනවිට අක්කර 78 ක පමණ භුමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර තිබේ.
එය නීති විරෝධීව සිදුකර ඇති බැවින් ආයෝජකයාට ඉඩම් ලබා දුන් ගොවීන් 18 දෙනෙකුට එරෙහිව තඹුත්තේගම අධිකරණයේ නඩු පැවරූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.