ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෝසුල් යුද බිමේ මිනිස් පලිහක්
IS කැරලිකරුවන් පලවා හැර පැරණි මොසුල් නගරය යළි අල්ලා ගැනීමට සටන් කරන ඉරාක හමුදාව සමඟ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයකට ගොඩවීමට බීබීසී වාර්තාකරුවන්ට ද විරල අවස්ථාවක් උදා විය.
මොසුල් නගරයේ පටු මාවත් අතර සිරවී සිටින සාමාන්‍ය වැසියන් IS කැරලිකරුවන් විසින් මිනිස් පලිහක් ලෙස යොදා ගනු ලබන ආකාරය මෙහිදී බීබීසී වාර්තාකරුවන්ට දැක ගන්නට හැකි විය.
මොවුන් අතර කාන්තාවක සහ ළමයෙකුද සිටින ආකාරය මෙම වීඩියෝ දර්ශනවලින් සනාථ වෙයි.
අන්තර්ජාතික යුද ප්‍රඥප්තියට අනුව සටන්කරුවන්ගේ ආරක්ෂාව පතා මිනිස් පලිහක් යොදා ගැනීම යුද අපරාධයකි.
මෝසුල් නුවර ගැටුම් හේතුවෙන් හතළිස් පන්දහසක් පමණ ජනතාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සංක්‍රමණිකයන් සඳහාවන ජාත්‍යන්තර සංවිධානය පවසයි.
මෝසුල් නුවර නැගෙනහිර ප්‍රදේශය ඉරාක හමුදාව අතට පත්වූයේ පසුගිය ජනවාරි මාසයේදී ය.
ඒ සඳහා ඉරාක හමුදාවට මාස තුනක් තිස්සේ සටන් කිරීමට සිදුවිය.