ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටොයෝටා වෙතින් 'රොබෝ බබෙක්'
මිනිස් අත්ලයක් මත තැබිය හැකි ප්‍රමාණයේ කුඩා රොබෝ බබෙක් එළඹෙන වසරේ ජපාන වෙළඳපොළට නිකුත් කරන බව ටොයෝටා සමාගම නිවේදනය කරයි.
මෙම කුඩා ප්‍රමාණයේ රොබෝ දරුවා සමග සංවාදයක් පවා පැවැත්වීමට ඔහුගේ හිමිකරුට අවස්ථාව සැලසෙන බවයි එම සමාගම පවසන්නේ.
'කිරොබෝ මිනි' යනුවෙන් නම් කර ඇති මෙම නව නිර්මාණය සෙන්ටිමීටර දහයක උසින් යුතු වන අතර දරුවන් අහිමි කාන්තාවන්ගේ හුදෙකලාව තුරන් කිරීමේ පරමාර්ථයෙන් නිපදවන ලද්දකි.
හිමිකරු හෝ හිමිකාරිය සමග කාරයේ ගමන් කරන අවස්ථාවක කාරයේ සවි කර ඇති මාර්ගෝපදේශක පද්ධතියෙන් තොරතුරු ලබා ගන්නා මෙම රොබෝ බබාට ඔවුන් නිරතව සිටින ගමන පිළිබඳ කෙටි සංවාද පැවැත්වීමේ හැකියාවද පවතියි.
කෙසේ වෙතත් දරුවකුට ලැබෙන ස්ථානය මෙම රෝබෝවරුන්ට කිසි දිනක සැපිරිය නොහැකි බවයි රොබෝවරු පිළිබඳ විශේෂඥයකු බීබීසිය සමග සිය අදහස් පළ කරමින් කියා සිටියේ.