ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උත්තරාලෝකය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට
පෘථිවියේ උත්තර ධ්‍රැවයට ඉහළින් ඇති වන උත්තරාලෝකය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දිස් වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් නාසා ආයතනය විසින් පළ කරනු ලැබ තිබේ.
උත්තරාලෝකය සාමාන්‍යයෙන් දැක ගත හැක්කේ නෝර්වේ සහ අයිස්ලන්තය යන රටවලදී පමණි.
සූර්ය පෘෂ්ඨයේ සිට පැමිණෙන ආරෝපිත අංශු කොටස් පෘථිවි වායුගෝලයේ ඇති වායු අංශු සමග ගැටීම හේතුවෙනුයි මෙම ආලෝක ධාරා දර්ශනය වන්නේ.
සූර්යයාගේ සිට අධි වේගයෙන් පැමිණෙන අංශු ගැටීමට ලක් වන පෘථිවි වායුගෝලයේ පවතින වායු වර්ගවල විවිධත්වය අනුව ආලෝක වර්ණය වෙනස් වේ.