ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: 'යුක්‍රේන සංචාරකයන්ට මුහුණු ආවරණ පැළඳීමේ නීතිය වලංගු නැති ද?'
යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 97 දෙනෙකු සඳුදා (ජනවාරි 04) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව 2020 දෙසැම්බර් 28 සිට මේ දක්වා අවස්ථා හතරකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති යුක්‍රේන සංචාරකයන් ගණන 660කි.
ඔවුන් අතුරින් කිහිපදෙනෙකු කෝවිඩ්-19 රෝගීන් බවට හඳුනාගෙන ඇති අතර යාල සංචාරයට එක්වූ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එමෙන්ම යුක්‍රේන සංචාරකයන් සීගිරිය නැරඹීමට තිබූ ගමන ද අවලංගු කෙරුණි.
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයන් අතරින් බොහෝ දෙනෙකු මුහුණු ආවරණ පැළඳ නොසිටීම ගැන සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
නිෂ්පාදනය/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
මේ ගැනත් දැනගන්න: