ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්නේ නෑ - චන්දිම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක අගමැතිවරයා පණහේ දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍යයට පවුම් 256,000 ක් ගෙවා අයිතිය ලබාගත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය කිසිවෙකුටත් විකුණා දැමීමට ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නැති බව ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අවධාරණය කරයි.
"බ්‍රිතාන්‍යය ලංකාවට නිදහස දුන්නට තෙල් ටැංකි හෝ ඒ ඉඩම පවරා දුන්නේ නෑ," අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.