ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් සඳහා ලේබර් පක්ෂයේ සහාය

හදිසි මහා මැතිවරණයක් සඳහා සහය දෙන බව බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි.

සජීවී වාර්තාකරණය

  1. විවාදය ඇරඹේ

    හදිසි මහ මැතිවරණ විවාදය ඇරඹේ

  2. හෙයිඩි ඇලන් "අප්‍රසන්නබව හා තර්ජන" නිසා ඉවත්වන බව කියයි

    මීළඟ මහා මැතිවරණයේදී සිය ඡන්ද කොට්ඨාසයෙන් ඉවත්වන බව හිටපු කොන්සර්වෙටිව් මන්ත්‍රිනීයක මෙන්ම මේ මස මුලදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය හා එක් වූ හෙයිඩි ඇලන් ප්‍රකාශ කළාය.

    සිය ඡන්දදායකයින් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දුන්නේ "සිය පුද්ගලිකත්වය ආක්‍රමණය කිරීම මෙන්ම මේවන විට පොදු තත්ත්වයක් බවට පත්ව ඇති අප්‍රසන්නබව හා තර්ජනවලින් හෙම්බත්වී" සිටින බවය.

    බ්‍රෙක්සිට් හේතුවෙන් "අපගේ දේශපාලනය බිදී ගොස්" ඇති බව පවසන දකුණු කේම්බ්‍රිජ්ෂයර් නියෝජනය කරන මන්ත්‍රීවරිය, පවතින අවහිරතාව විසඳිය හැක්කේ අලුත් ජනමත විචාරණයකින් පමණක් බව පෙන්වා දෙන්නීය.

  3. බ්‍රිතාන්‍ය මහ මැතිවරණය : "අපි එය රැගෙන ආවා"

    දුෂ්කර කර්තව්‍යයක් වුවද අවසානයේ මහ මැතිවරණයක් කරා පැමිණීමට හැකි වූ බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සභාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

  4. බ්‍රෙක්සිට් ගැටලුවට ‘නරකම විසඳුම මැතිවරණයක්’

    මහ මැතිවරණයකට සහය දීම ලේබර් පක්ෂයේ අත්වැරැද්දක් බව හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් ගේ මැතිවරණ කටයුතු මෙහෙය වූ ඇලස්ටර් කැම්බෙල් පවසයි.

  5. මහ මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය කළ නොහැකියි - අගමැති ප්‍රකාශක

    16 සහ 17 හැවිරිදි පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහ මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම “පරිපාලනමය වශයෙන් කළ නොහැකි” බව අගමැතිගේ නිල ප්‍රකාශකයා පවසයි.

    "රජයේ ස්ථාවරය වෙනස් වී නැත, ජාතික ඡන්දය ප්‍රමාණාත්මකව අඩු කිරීමේ කිසිදු සැලසුමක් අපට නැත," ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    වයස අවුරුදු 18 ට අඩු පිරිස පෝෂණ සත්කාර ක්‍රමය සහ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමය යන දෙකෙහි ම බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ.

  6. “පරිපාලනයේ ව්‍යාකූල තත්වයක්”

    යුරෝපා සංගමයේ සාමාජික රටවල වැසියන් ඡන්දය දීම “පරිපාලනයේ ව්‍යාකූල තත්ත්වයකට” හේතු විය හැකි බව අගමැතිගේ ප්‍රකාශකවරයා පවසයි.

  7. මහ මැතිවරණයට සහාය දෙන්නේ ඇයි? - ඡායා අධිකරණ අමාත්‍යවරයා කරුණු පහදයි

    "නත්තලට පෙර බොරිස් ජොන්සන් එලවා දමන්න අවශ්‍ය නිසා අපි මහ මැතිවරණයකට සහාය දෙනවා” ඡායා අධිකරණ අමාත්‍ය රිචර්ඩ් බර්ගන් පවසයි.

  8. මැතිවරණය දෙසැම්බර් 10 හෝ 11?

    මහ මැතිවරණය දෙසැම්බර් 10 හෝ 11 පැවැත්වීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව සලකා බලමින් සිටී.

  9. මැතිවරණයට අපි සූදානම් - ජෙරමි කෝබින්

    ලේබර් පක්ෂය මහ මැතිවරණයකට සහාය ලබා දීමත් සමග දෙසැම්බර් මස මැතිවරණය පැවැත්වීමේ සූදානමක් ඇත.